spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ මඟ වැටී තිබූ ලක්ෂ පහකට අධික මුදල හිමිකරුට නැවතත් ලබාදුන් උතුම් මිනිස්සු

හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා තිස්සමහාරාම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා ගත් රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මුදල් පසුම්බිය අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී ජී බන්දුලසේන නැමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තර මහතා සහ එච්. එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි රියදුරු මහතා බවයි.

තිස්සමහාරාමේ හෝටලයක කළමනාකාරවරයා බැංකුවක මෙම මුදල් තැන්පත් කිරීම සඳහා යතුරුපැදියෙන් රැගෙන යන අවස්ථාවේ මෙම මුදල් පසුම්බිය ජංගම දුරකතනය සමඟ වැටී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව එම ජංගම දුරකතනය සමඟ සම්බන්ධ වී එම මුදල් පසුම්බිය තිස්සමහාරාම බස් නැවතුම්පොළ ආසන්නයේ දී අහුලා ගත් බවත් බස් රථය මේ වනවිට තංගල්ල ප්‍රදේශයට ගමන් කරන බවත් තංගල්ල ඩීපොවට පැමිණ මුදල පසුම්බිය භාරගන්නා ලෙසත් පවසා ඇත.

ඒ අනුව තිස්සමහාරාම පොලීසිය අයිතිකරු සමග තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කල බව තතිස්සමහාරාම පොලීසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?