මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට දැනුම්දීමක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව නැවත සලකා බැලීමක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා.

මේ අතර ඉදිරියේ දී මහ බැංකු නියෝජිතයින් ඉදිරියේ දී පාර්ලිමේන්තුව හමුවට කැඳවා කරුණු විමසීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩිකර ගැනීම මේ වනවිට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.