මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මින් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි පෙත්සම් විභාගය පැවැත් වුණේ.

එහිදී පෙත්සම් ගොනුකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, වෛද්‍ය ගුණදාස අමරසේකර, විශ්‍රාමික යුද හමුදා කර්නල් අනිල් අමරසේකර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන ආකාරය පැහැදිලි කළා.

“ස්වාමීනි.. විධායකය කියන්නේ ජනතා පරමාධිපත්‍ය වැදගත් අංගයක්. ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයට නතු වන ආයතනයක්. එහි කටයුතු අධීක්ෂණය කිරීමට විධායකයට හැකියාව තිබෙනවා. එහෙත් යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වෙනවා. ඒ හරහා එම බැංකුව ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් ද ඉවත් වීමක් සිදු වෙනවා. මහ බැංකුව වෘත්තීය වශයෙන් ස්වාධීන වීම වැදගත් කරුණක්. එහෙත් යෝජිත පනත් කෙටුම්පත තුළින් සඳහන් වන ආකාරයට එම බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනයෙන් බැහැර වීම අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වෙනවා. එය ජනතා පරමාධිපත්‍යයට ද පටහැනි ක්‍රියාවක්.” යනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා..

” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ බලය රජය වෙත පැවරී තිබෙනවා. එහෙත් යෝජිත පනත් කෙටුම්පත තුළින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා තිබෙනවා. මේ තුළින් මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ කටයුතු වලින් මුදල් අමාත්‍යවරයා ඉවත් කර තිබෙනවා. මේ හරහා මුදල් විෂය භාර අමාත්‍යවරයා හුදෙක් රබර් මුද්‍රාවක් බවට පත්කර තිබෙනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්වයක් . ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පැවති මහා භාණ්ඩාගාරයේ නියෝජනය ඉවත් කර තිබෙනවා. මේ හරහා මහ භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පැවති සම්බන්ධය බිද වැටෙනවා. එපමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යය කෙරෙහි මහ බැංකුවේ පවතින වගවීම ඉවත් වෙනවා. මේ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි මහ බැංකුව මෙහෙයවීමට අවස්ථාව උදාවෙනවා.”

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා චෝදනා කළේ යෝජිත පනත් කෙටුම්පත මගින් මහ බැංකු අධිපතිවරයාට මෙරට තුළ වෙනත් මුදල් ඒකක භාවිතා කිරීම සඳහා අවසර දීමට හැකියාව පවතින බවයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබූ ජෙහාන් හමීඩ් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මහ බැංකු අධිපතිවරයාට මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන්ට එම බැංකුවෙන් නිදහස් වී දේශීය හා ජාත්‍යන්තර ආයතන වල සේවය කොට යළිත් පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

එය අයහපත් තත්ත්වයක් යැයි පෙන්වා දුන් නීතිඥ විතාරණ මහතා ඒ තුළින් ශ්‍රී මහ බැංකුවේ ස්වාධීන භාවය බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් චෝදනා කළා.

එම කරුණ කෙරෙහි අවධානය යොමුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ද පෙන්වා දුන්නේ එම තත්ත්වය අනුමත කළ නොහැකි බවයි.

ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස විනිසුරුවරයා විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (24) දින තෙක් කල් තැබුණා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, විශ්‍රාමික යුධ හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 07 ක් ගොනුකර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18