මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි පෙත්සම් විභාගය පැවැත් වුණේ.

අදාළ පෙත්සම් අද පෙරවරුවේ දෙවන දිනයේ දීත් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවකාශ සලසා දී ඇති බවයි.

මෙම කෙටුම්පත තුළින් මහ බැංකුවේ වග වීම වැඩි දියුණු කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා බලපෑම්වලින් තොරව මහ බැංකු අධිපතිවරයාට සිය බලතල හා කටයුතු ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව කියා සිටියා.

මේ හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට සිය කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළා.

යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වන බවට පෙත්සම්කරුවන් චෝදනා එල්ල කර තිබුණා.

එහෙත් එම තර්කය ප්‍රතික්ෂේප කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ යෝජිත පනත් කෙටුම්පත යටතේ පවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවට වගකීමට නීතියෙන් බැඳී සිටින බවයි.

එමෙන්ම මහ බැංකුව සදහා පත් කිරීම් සිදු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා දී ඇති අතර විෂය භාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට හැකියාව පවතිනවා.

ඊට අමතරව මහ බැංකුවේ ගිණුම් විගණනය කිරීමේ බලය රජයේ විගණකාධිපතිවරයාට පැවරී තිබෙනවා.

මෙම කරුණු දෙස අවධානය යොමු කිරීමේදී යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ විධායකයේ පාලනයෙන් මිදෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු පිලිගත නොහැකි බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය දැනුවත් කළා.

ඉන් පසුව පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කල අධිකරණය ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 27 වනදා ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දෙන බවයි විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.

මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂ සිදුවීමක් වුණා.

අධිකරණය හමුවේ පෙනී සිටි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් කාරණා පිළිබඳව විනිසුරුවරු මතු කල ප්‍රශ්න වලට පිළිතුරු හා පැහැදිලි කිරීම් සැපයීමට ද පියවර ගත්තා.

අධිකරණය හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල විසින් මහ බැංකු අධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, විශ්‍රාමික යුධ හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 07ක් ගොනුකර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18