spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු ලොක්කෝ අද කැබිනෙට්ටුවට කැඳවයි (වීඩියෝ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධරීන් පිරිසක් අද (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකුවේ උසස් නිලධරීන් පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (05) දිනයේ කැඳවා තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම හෙට (05) පෙරවරුවේ පැවැත්වෙන අතර, මහ බැංකු නිලධාරීන් එදින පෙරවරු 10.30ට පක්ෂ නායකයින් හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුවයි එම නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ.

මහ බැංකු සේවකයිගේ වැටුප 70% කින් ඉහළ දමාගැනීම රජයේ සහ විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති සිදුවීමක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?