මහ බැංකු බැඳුම්කර නඩුව ලබන 21 කැඳවීමට තීරණය කෙරේ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 21 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.

ඒ අදාළ නඩුව පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

රජයට අයත් රුපියල් මිලියන 688 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා අදාළ නඩුව ගොනුකර තිබෙනවා.