මහ බැංකු නිලධාරීන් ලබන 05 වනදා පක්ෂ නායක රැස්වීමට

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ලබන 05 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධව කරුණු විමසීම සඳහා අදාළ නිලධාරීන් මෙලෙස පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

අද (01) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.