මහ බැංකුවෙන් දැනුම්දීමක්

2022 ප්‍රථම භාගය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවති දේශීය මුදල් වෙළඳපොළ හිඟ ද්‍රවශීලතා තත්ත්වය, 2022 අවසාන භාගයේ දී අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වයෙහි වර්ධනයක් සිදු වුවද, දේශීය මුදල් වෙළඳපොළෙහි ගනුදෙනු අඩු මට්ටමක පැවතීම හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩවම ඉහළ මට්ටමක පැවති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර, බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ව්‍යූහාත්මක ද්‍රවශීල අවශ්‍යතා ඉටුකර ගැනීමේදී වෙළඳපොළ පදනම් කරගත් විකල්ප අරමුදල් සම්පාදන අවස්ථාවන් පිළිබඳව සලකා බැලීමකින් තොරව මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු යටතේ වන එක්දින නිත්‍ය පහසුකම මත බොහෝ සෙයින් අඛණ්ඩවම රඳා පැවති බව දක්නට ලැබුණා.

අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා පවතින අනෙකුත් සියලුම අවස්ථාවන් භාවිතා කිරීමෙන් අනතුරුව අවසාන අවස්ථාව ලෙස භාවිතයට ගැනීමට තිබෙන මහ බැංකුව විසින් ලබාදෙන එක්දින පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවක් පෙන්නුම් කර නැහැ.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල මෙවැනි හැසිරීම් ප්‍රධාන වශයෙන් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ සහ ප්‍රතිවිකුණුම් වෙළඳපොළ සක්‍රීය කරවීම සඳහා මහ බැංකුව විසින් දරනු ලබන ප්‍රයත්නයට අහිතකර ලෙස බලපෑම් ඇති කරන අතර, ගෙවීම් හා පියවීම් පද්ධතිය අවහිර වීමට ඇති හැකියාව ඉහළ නංවමින් ආර්ථිකය වෙත සුමට ලෙස අරමුදල් ගලා යෑමේ ක්‍රියාවලිය මත බාධා ඇති කරනවා.

ඒ අනුව, මුදල් සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම මෙන්ම ඉහත සඳහන් අවදානම් හඳුනාගෙන ඒවා පාලනය කිරීම ඇතුළුව සාර්ව ආර්ථික ස්ථායිතාව නැවත ස්ථාපිත කිරීම අරමුණු කොටගෙන 2022 අප්‍රේල් මාසයේ සිට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාලාවෙහි අංගයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු යටතේ වන නිත්‍ය පහසුකම ලබාගැනීම මත සීමා පැනවීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව, 2023 ජනවාරි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලී ආදායමක් උපයා ගැනීමට තිබූ අවස්ථාව දිනදර්ශිත මසකට උපරිම අවස්ථා පහක් දක්වා සීමා කර තිබෙනවා.

ඒ අතරම, දිනය අවසානයේදී මහ බැංකුව හරහා සිය හිඟ ද්‍රවශීලතා අවශ්‍යතා තවදුරටත් සපුරා ගැනීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සුරැකුම් මත ලබාදෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනකදී බලපත්‍රලාභී වාණිජ බැංකුවක ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90ක් දක්වා සීමා වනු ඇති.

දේශීය මුදල් වෙළඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිත්‍ය පහසුකම භාවිතා කරන ආකාරය ඉතා විමසිලිමත් ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත්තේ.

නිත්‍ය පහසුකම මත සීමා පැනවීම හරහා බලපත්‍රලාභී වාණිජ බැංකු මහ බැංකුව විසින් ලබාදෙනු ලබන එක්දින පහසුකම මත අනවශ්‍ය ලෙස රඳා පැවතීම අඩු කිරීම මෙන්ම පසුගිය මාස කිහිපය තුළ බොහෝදුරට අක්‍රීයව පැවති දේශීය මුදල් වෙළඳපොළ නැවත සක්‍රීය කිරීමටත් බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුනොවුන් අතර ගනුදෙනු සිදු කිරීම දිරිමත් කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

මෙවැනි ක්‍රියාමාර්ග මූල්‍ය ආයතන අතර තැන්පතු සඳහා වන හිතකර නොවන තරගකාරිත්වය ඉවත් කරනු ඇති අතර, වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වය වර්ධනය වීමත් සමගම ඉදිරියේදී වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහය (තැන්පතු හා ණය පොලී යන අනුපාතික දෙවර්ගයම) අඩු වීමට හේතු වනු ඇතැයි ද එමඟින් මූල්‍ය පද්ධතියෙහි ස්ථායිතාව ආරක්ෂා කරගැනීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ස්ථායිතාව නැවත ඇති කරගැනීමට හේතු වනු ඇතැයි ද අපේක්ෂිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18