මහ පාරේ වී වේලද්දී යතුරුපැදියක හැප්පී ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්තිකෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා මහා මාර්ගයේ වී වේලමින් සිටි අවස්ථාවේ දී කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් යතුරුපැදියක් ඔහුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තැනැත්තා යාපනය – පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගත බවයි පරීක්ෂණ පවත්වනු ලබන පේදුරුතුඩුව පොලිසිය සඳහන් කළේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහා මාර්ගවල වී වේලීමට කටයුතු කිරීමත් සමඟ සිදුව ඇති අනතුරු සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

එවැනි ආකාරයෙන් මහා මාර්ග භාවිත කරමින් මාර්ගයේ වී වේලීම සිදුකරනු ලබන පුද්ගලයින්ට එම කටයුතු සිදු නොකරන ලෙසට ඇතැම් පොලිස් ස්ථාන විසින් දැනුම්දීම් ද සිදුකරනු ලබනවා.

Jaffna Accident 4
Jaffna Accident 1
Jaffna Accident 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14