spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ දහවලේ පොලිසිය ඉදිරිපිට දී පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්

අද පස්වරුවේ දී කළුතර නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතල තුවාල සිදු කළ අපරාධකරු සොයා මේ වනවිට කළුතර දකුණු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, දෙනෝ දහක් මිනිසුන් ගැවසෙන කළුතර නගර මධ්‍යයේ දී මෙම බිහිසුණු අපරාධය සිදු කර ඇති බවයි.

මෙලෙස කඩු පහර කෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක් මැද වැටී සිටියදී මහජනතාව එක් ව එම පුද්ගලයා ව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි.

කළුතර පොලිසිය ඉදිරිපිට දී යි මෙම පහරදීම සිදු කර ඇත්තේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය දෙසට දිව ඒමේ දී සිහි විසඥව ඇද වැටී තිබෙනවා.

මෙතෙක් සිද්ධියට සම්බන්ධ අපරාධකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය සඳහන් කළේ ඊට අදාළ ව පුළුල් විමර්ශනයක් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
5
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?