මහ දහවලේ පොලිසිය ඉදිරිපිට දී පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්

අද පස්වරුවේ දී කළුතර නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතල තුවාල සිදු කළ අපරාධකරු සොයා මේ වනවිට කළුතර දකුණු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, දෙනෝ දහක් මිනිසුන් ගැවසෙන කළුතර නගර මධ්‍යයේ දී මෙම බිහිසුණු අපරාධය සිදු කර ඇති බවයි.

මෙලෙස කඩු පහර කෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක් මැද වැටී සිටියදී මහජනතාව එක් ව එම පුද්ගලයා ව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි.

කළුතර පොලිසිය ඉදිරිපිට දී යි මෙම පහරදීම සිදු කර ඇත්තේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය දෙසට දිව ඒමේ දී සිහි විසඥව ඇද වැටී තිබෙනවා.

මෙතෙක් සිද්ධියට සම්බන්ධ අපරාධකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය සඳහන් කළේ ඊට අදාළ ව පුළුල් විමර්ශනයක් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සිදු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14