spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ කන්නයේ වී අස්වනු ගැන කෘෂිකර්ම ඇමති තාක්ෂණික වාර්තාවක් ඉල්ලයි

මෙවර මහ කන්නයේ වී වගාවේ අස්වනු පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තිබුණ ද මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික වර්ෂාව හා වැව් වාන් දැමීම හේතුවෙන් අස්වනු නෙලීමට ආසන්න කුඹුරුවලට යම් හානියක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම මෙම තාක්ෂණික වාර්තාව කැඳවීමේ අරමුණයි.

විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වාන් දැමීමට ආසන්නව පැවතීමත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්නව පැවැති කුඹුරු අක්කර සිය ගණනක් වර්ෂාව නිසා ජලයෙන් යට වීමත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට කිහිප වරක්ම නැවත නැවත වී වැපිරීමට සිදුවීමත් නිසා සමස්ත වී අස්වැන්නට යම් බලපෑමක් එල්ල විය හැකි ද යන්න සොයා බලන ලෙසට අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මෙම සාකච්ඡාව අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බතලගොඩ වී පර්යේෂණායතනය නිලධාරීන් ද සූම් යෙදවුම මගින් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී වි මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ඉදිරි සතියක කාලයක් තුළ අදාළ තාක්ෂණික වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?