මහ කන්නයේ වී අස්වනු ගැන කෘෂිකර්ම ඇමති තාක්ෂණික වාර්තාවක් ඉල්ලයි

මෙවර මහ කන්නයේ වී වගාවේ අස්වනු පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තිබුණ ද මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික වර්ෂාව හා වැව් වාන් දැමීම හේතුවෙන් අස්වනු නෙලීමට ආසන්න කුඹුරුවලට යම් හානියක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම මෙම තාක්ෂණික වාර්තාව කැඳවීමේ අරමුණයි.

විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වාන් දැමීමට ආසන්නව පැවතීමත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්නව පැවැති කුඹුරු අක්කර සිය ගණනක් වර්ෂාව නිසා ජලයෙන් යට වීමත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට කිහිප වරක්ම නැවත නැවත වී වැපිරීමට සිදුවීමත් නිසා සමස්ත වී අස්වැන්නට යම් බලපෑමක් එල්ල විය හැකි ද යන්න සොයා බලන ලෙසට අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මෙම සාකච්ඡාව අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බතලගොඩ වී පර්යේෂණායතනය නිලධාරීන් ද සූම් යෙදවුම මගින් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී වි මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ඉදිරි සතියක කාලයක් තුළ අදාළ තාක්ෂණික වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26