spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ කන්නයට කලට වේලාවට පොහොර දෙන්න ලෑස්තියි – කෘෂි ඇමති

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවයි.

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ දී පසුගිය 29 වනදා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එමෙන්ම කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?