මහේන්ද්‍ර සිං දෝනිට නොතීසි

ජාර්කන්ඩ් මහාධිකරණය විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට නොතීසි නිකුත් කර තිබෙනවා.

ව්‍යාපාරික ආරවුලක් සම්බන්ධයෙන් ඇති නඩුවකට මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා දෝනිට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මහේන්ද්‍ර සිං දෝනිගේ හිටපු ව්‍යාපාරික හවුල්කරුවන් වන මිහිර් දිවාකර් සහ සෞම්‍ය දාස් ගොනු කළ නඩුවක් ජාර්කන්ඩ් මහාධිකරණය ඊයේ (12) දියේ විභාගයට ගත අවස්ථාවේ දී මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.

දිවාකර් සහ සෞම්‍ය දාස්; ආකා ස්පෝර්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරුන් වන අතර, ඔවුන් හිටපු ඉන්දීය නායකයා සමඟ ඔහුගේ නම භාවිත කරමින් ක්‍රිකට් ඇකඩමි විවෘත කිරීමට ගිවිසුමකට එළැඹ ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා තමාව රවටා ඇති බවට චෝදනා කරමින් දෝනි ඔවුන්ට එරෙහිව ජනවාරි 05 වන දින රංචිහි දී අපරාධ පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

එහිදී ඔවුන් තමන්ට රුපියල් කෝටි 15ක් වංචා කළ බවට දෝනි චෝදනා කර සිටියා.

අනතුරුව මිහිර් දිවාකර් සහ සෞම්‍ය දාස් ජාර්කන්ඩ් මහාධිකරණයට ගොස් ඇත්තේ මෙම පැමිණිල්ල අභියෝගයට ලක්කරමින්.

ඒ, අනුව තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස මහාධිකරණය මෙලෙස දෝනිට නොතීසි නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12