spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහීෂ් තීක්ෂණට අවසන් මහා තරගය අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහීෂ් තීක්ෂණගෙන් ගිලිහී ගොස් තිබෙනවා.

ඒ පාකිස්ථානය සමග පෙරේදා පැවති තරගයේදී ඔහුගේ පාදයක හටගත් ආබාධය හේතුවෙන්.

ඊයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් ඔහුගේ අබාධ තත්ත්වය අනාවරණ කර ගැණුනු අතර එය සුව වීම වෙනුවෙන් කාලයක් ගතවනු ඇති බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

මේ හේතුවෙන් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

මහිෂ් තීක්ෂණ ආබාධයෙන් සුවය ලැබීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා නැවත ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිනෙණු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම ආසියානු කුසලාන තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළ මහීෂ් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
23
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?