spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහියංගනයේ විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මහියංගනය, දඹාන, කුකුළාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ (10) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමි සැතපී සිටි කාමරයේ ජනේලයේ වීදුරුවලට හානි සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විමර්ශණ ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විහාරාධිපති හිමියන් පවසන්නේ ගම්මානයේ සිදුවන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් හා ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

00550.00 04 44 03.Still069
00550.00 06 34 20.Still077
00550.00 05 27 15.Still072
00550.00 05 23 08.Still071
00550.00 05 04 22.Still070
00550.00 06 17 09.Still076
00550.00 05 49 00.Still074
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?