මහියංගණය පොලිස් වසමේ වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි ළමයෙක් ඊයේ (20) දියේ ගිලී අතුරුදන් වී ඇති තිබෙනවා.
අතුරුදන් වූ ළමයා අවුරුදු 07 ක් වූ මාපාකඩවැව, මහියංගණය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම අතුරුදන් වූ ළමයා නිවසේ කිසිවෙකුට නොදන්වා වෙනත් අයෙකු සමග වියානා ඇලේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මහියංගණය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













