මහින්ද සුළඟ අද සුළි කුණාටුවක් වෙලා – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ස්වාධින වෙයි

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ මාසික සභා වාරය පැවැත්වූ ඉකුත් 10 වෙනිදා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය.

ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය.

ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ සභා රැස්වීමේදී මෙසේ මන්ත‍්‍රීවරයා ඉල්ලා අස්වීම සිදුවිය.

සභාව ඇමතු ප‍්‍රදීප් චන්දන කුමාර ජයසිංහ,

‘‘අපේ මුළු පවුලම ප‍්‍රබල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙද්දී ‘මහින්ද සුළඟ’ ගෙන එන්න අපි කටයුතු කළා.

නමුත් අද මහින්ද සුළඟ මිනිසුන් අසීරුවට පත්කරලා. ඒ සුළඟ අද සුළි කුණාටුවක් වෙලා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගොවියො අන්ත අසරණ වෙලා.

එජාපය වාගේ දැවැන්ත පක්ෂයක් බිංදුවට වැටුණා නම් පොහොට්ටුව ගැන මොන කතාද?

ඉහළ නායකයෝ හිතාගෙන ඉන්නවා තාම 69 ලක්ෂයක් තියෙනවා කියලා. අපියි දන්නේ ගමේ තත්ත්වය. හොඳට මතක තියාගන්න පොහොට්ටුව පිපුණාටත් වැඩිය වේගයෙන් පරවෙන බව. මෙය ඉහළ සිට පහළ නායකයන් සියලූ දෙනා දැනගත යුතුයි.

අද මිනිස්සු හැම තැනින්ම තැලෙනවා. තවදුරටත් අපිට රෙදි ඇඳගෙන මේ ආණ්ඩුව තුළ රැඳී ඉන්න බැහැ යැයි” පවසමින් මන්ත‍්‍රී ප‍්‍රදීප් විපක්ෂයේ අසුන් ගැනීම සිදුවිය.

(දිවයින)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09