මහින්ද සිය පවුලම සමග නැගෙනහිර පළාතට ?

හිටපු අගමැති මහින්ද ඊයේ තනතුරින් ඉවත්වූ පසුවත් ඊයේ රාත්‍රිය පුරා ගත කර තිබුනේ විජේරාම පාර නිවසේ නොව දැඩි ආරක්ෂක රැකවල් මැද අරලියගහ මැදුරේ බව ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

රාත්‍රී කාලයේ අරලියගහ මන්දිරය අසළින් ඇඳිරි නීතියද නොතකා පිරිස් රැඳී සිටිමින් නොයෙකුත් විරෝධතා සිදු කළ අතර පිරිසක් මන්දිරය ඇතුළට යන්නට උත්සාහ කිරීමේදී කඳුළු ගෑස් ප්‍රහාර කිහිපයක්ම එල්ල විය.

ඇතැම් අවස්ථාවක පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තැබීමටද සිදු විය. මේ සියල්ල සිදුවෙද්දී මහින්ද ඇතුළේ සිටි බව කියැවේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙන අතර අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව විජේරාම පාර නිවස වෙත ගිය බව වාර්තා විය.

අනතුරුව අද පාන්දරින්ම හෙලිකොප්ටරයකින් නැගෙනහිර පළාතේ නාවික හමුදාවට සම්බන්ධ ආරක්ෂිත ස්ථානයකට ගමන් කර තිබෙන බවටද ආරංචි මාර්ග වාර්තා කර තිබේ. ඒ ගමනට හිටපු අගමැති බිරිය හා එක් පුතෙකු එම බිරිය ඇතුළු පවුලද එක්ව ඇතැයි වාර්තා විය. ඒ අනුව අගමැති ඇතුළු පවුලේ පිරිස ත්‍රිකුණාමලය නාවික හමුදා පරිශ්‍රය වෙත අද (මැයි 10) උදෑසන ළඟා වී තිබේ. මේ වන විට ඔවුන් නාවික හමුදාපතිවරයාට අයත් නාවික හමුදා නිල නිවස්නයේ රැඳී සිටින බව ද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂට අයත් පාරම්පරික මැදමුලන නිවස ඊයේ ගිනිබත් කර තිබූ අතර කුරුණෑගල තිබූ නිවසක්ද ගිනි බත් කර තිබුණි.

මේ අතර නයිජීරියාවට අයත් පුද්ගලික ජෙට් යානාවක් මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ කිසිවෙකු රටින් පිටමං කරවීම පිණිස රඳවා තිබෙන බවටද සමාජ මාධ්‍ය වාර්තාකර තිබේ.

image 31

image 32

image 33
  1. හොඳ තීරණයක්.නිවාස හා වාහන අලාභ හානි කරන පුද්ගලයන් ට විරුද්ධව නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40