මහින්ද රාජපක්ෂ තම කාල්ටන් නිවසට පැමිණේ

විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර තංගල්ල පිහිටි කාල්ටන් නිවසට වෙතට ළගාවුණා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත වූ නිසා සිය නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබුණා.

එලෙස පැමිණි හිටපු ජනධිපතිවරයා පිළිගැනීම සඳහා විශාල ජනකායක් එම කාල්ටන් නිවස වෙත පැමිණ සිටි ආකාරය දැක ගත හැකි වුණා.