මහින්ද රාජපක්ෂ කැප්පෙටිපොල විරුවාට සම කළ අස්ගිරි අනු නාහිමිගෙන් අනුශාසනාවක් (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ යනු මහා කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි අසමසම යුග පුරුෂයෙක්, විරුවෙක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍යකර්මයේ අනුශාසනාව සිදුකරමිනුයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.

යුද ජයග්‍රහණයෙන් පසුව පළ වූ පුවත්පත් සිරස්තල කිහිපයක මහින්ද රාජපක්ෂ මහතා ඇගයීමට ලක් කර තිබූ ආකාරය ද අනු නාහිමියන් මෙහිදී උපුටා දැක්වුවා.

මෙහිදී තවදුරටත් අනුශාසනාව සිදුකළ නාහිමියන් මෙලෙස අදහස් පළ කළා,

“එදා කැප්පිටිපොල විරුවා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා දිවිහිමියෙන් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා එදා වසර තිහක් පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරගන්න ඒ වගේ කැපවීමෙන් කටයුතු කළා. 1948 වසරේ නිදහසින් පසු මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ දැවැන්තම මෙහෙවර යුද්ධය අවසන් කිරීම වශයෙන් අපිට දකින්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට දිවි හිමියෙන් සහයෝගය දුන්නා. මේ යුග පුරුෂයා බිහි නොවන්නට අපේ රටේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒ නිදහස ලබාදීම අද වෙනකොට බොහෝ දෙනෙකුට අමතක වීම කණගාටුවට කරුණක්. නිදහස් නිවහල් රටක් බිහිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කැපවීම අප කවදත් ගෞරවයෙන් සිහිකළ යුතුයි.”

මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් අනුශාසනාවක් සිදු කළ එම පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් සඳහන් කළේ රටේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් උද්ගතව පවතින්නෙ ව්‍යාකූල තත්ත්වයක් බවයි.

“අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටීට පජා, ඇතුළත පටලැවිල්ලක් පිටතත් පටලැවිල්ලක් ජීවීන් පටලැවිල්ලක පැටලී ඇත. යන ධර්ම දේශනාව මෙහිදී අපට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සිදුකළ මෙහෙවර අප සියලු දෙනා කෘතඥපූර්වක සිහි කළ යුතුයි”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16