මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ නඩුව විභාගයට දින නියම වෙයි

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආර්ථික අර්බුදය ඇති වීමට අදාළ වන කාලසීමාවේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් යන අය වෙත ඉදිරිපත් කළ ලේඛන මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නා.

එම ලේඛන නඩු විභාගය සඳහා ඉතා වැදගත් වන බවත් ජනාධිපති නීතීඥ ජයසුන්දර සඳහන් කළා.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ අධිකරණය විසින් නියෝග කර ලේඛන සියල්ල දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

තවදුරටත් අවශ්‍ය කරන ලේඛන කුමක් දැයි දැනුම් දෙන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙහිදී අදාළ පෙත්සම්වලින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දන්වා සිටියේ එවැනි ලේඛන කැඳවීමක් සිදුකරන්නේ නම් ඒවා පරිශීලනය කිරීමට තම සේවාදායකයන්ට ද අවස්ථාව ලබාදීම අවශ්‍ය බවයි.

මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නියම කළේ අවශ්‍ය කරන ලේඛන කුමක්දැයි මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඒවා අධිකරණය වෙත කැඳවීමට කටයුතු කරන ලෙසයි.

ඉන් අනතුරුව නඩු විභාගය ජුලි මස 05 වනදා ආරම්භ කරන බවත් අධිකරණය නියෝග කළා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55