මහින්ද ජයසිංහ අත්අඩංගුවට

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මහින්ද ජයසිංහ මහතාව අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පමුණුගම පොලීසිය මගින් ඔහුව සහ තවත් පුද්ගලයෙකුව එලෙස අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර අධිකරණය මගින් දී තිබූ නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බවට පෙනීගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම උද්ඝෝෂණයට සහභාගී වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Update – 5.00pm

අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර තිබෙනවා .

ඒ ඔවුන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. බලාගාරයට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57