මහින්ද ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත්කර තිබෙනවා.

මෙම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ලබන 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවයි.