මහින්ද අමරවීර ආණ්ඩුව ගැන කියන කතාව…

වත්මන් ආණ්ඩුව ගහේ ඉන්න කුරුල්ලා දිහා බලාගෙන අතේ ඉන්න කුරුල්ලා අතහරියි කියළා අපි හිතන්නේ නැහැ යි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා.ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර එල්ල කළා.අපිට ඒ අයත් එක්ක ගැටුමක් නැහැ.අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පසුපෙළ මන්ත්‍රීවරු දෙතුන්දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම අපහාස කිරීම සම්බන්ධව අපි ගරු ජනාධිපතිතුමන්ටත්, අගමැතිතුමන්ටත් ඒ වගේම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් අපි කරුණු ඉදිරිපත් කළා. ඒ අය පසුගිය මැතිවරණ දෙකේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ කැපවීම හොඳටම දන්නවා.

ලැබෙන තොරතු අනුව පක්ෂ නායකත්වය විසින් පසු පෙළ මන්ත්‍රීවරු කිහිප දෙනාට අපි කළ සේවය මතක් කර උපදෙස් දී තිබෙනවා.ඒ අයත් එක්ක ගැටුමක් ඇති කර ගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂ වශයෙන් පක්ෂ දේශපාලනය කර ගහගෙන ඉන්න ඕනෑ වෙලාවක් නොවේ. රට ඉදිරිපිට ගැටළු ගණනාවක් තිබෙනවා.

රට වැටෙන කොට ඒකේ බලපෑම තිබෙන්නේ එක දේශපාලන පක්ෂයකට පමණක් නොවෙයි. ඒක මුළු රටටම බලපානවා. ඒනිසා අපි සියලූ දෙනා සමගිව කටයුතු කළ යුතු අවස්ථාව්ක්.

අනිත් කාරණය තමයි අපිට අවශ්‍ය රට ඉදිරියට ගෙන යාමයි.

එහෙම නැතුව එකිනෙකා කුළල් කා ගන්න නොවෙයි. නමුත් අවාසනාව කියන්නේ තවමත් සමහරු මේ තත්ත්වය තවම තේරුම් අරන් නැහැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල විගමුව පදිංචි ගුනසේන ගමගේ හා එම්. නෙල්සන් යන ගොවි මහතුන් දෙපළ විසින් කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක ලෙස අක්කර 06ක වගා කර තිබු කහ වගාව නිරීක්ෂණයට එක් වෙමිනි
ඔවුන් දෙදෙනා විසින් තම ඉඩම්වල කහ වලට අමතරව තල, මුං , ඉගුරු හා කුරක්කන් ආදි වෙනත් වගාවන් ද සාර්ථක ලෙස සිදු කර තිබේ.

ජලය සපයා ගැනීමේ අසීරුතා ඇතත්, අවම ජල පහසුකම් යටතේ ඔවුන්ට මෙම කහ වගාව සිදු කර ගැනීමට හැකි වී තිබේ.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික වගාව යටතේ සිදු කර ඇති මෙම වගාව ආදර්ශ වගාවක් ලෙස සෙසු ගොවීන් ද අවධානය යොමු කළ යුතු බවයි.

අවම ජල භාවිතයකින් වගා කර ඇති මෙම කහ වගාව පසුගිය වසරේ එක අක්කරයක් වගා කිරීම මගින් ආරම්භ කර ඇත.

ඉන් විශාල ආදායමක් උපයා ඇති අතර ඉන් ලබා ගත් බීජ යොදා ගනිමින් මෙවර අක්කර 06ක වගා කළ බව නෙල්සන් මහතාත් ගුණසේන මහතාත් මට ප්‍රකාශ කළා.

මේක ඉතාමත් හොඳ ආරම්භයක්. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22