මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අධි චෝදනා

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් බෝඩ් ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම තුළින් රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සදහන් කරමින් මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබු අතර ඒ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ චෝදනා භාර දුන්නා.

එහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කර සිටියා.

චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවේට්ටි සහ සංජේ රාජරත්නම් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමාන චෝදනාවලට සිය සේවාදායකයින් වෙනත් අධිකරණයකින් වරදකරු වී දඩුවම් නියම වී සිටින බව සඳහන් කළා.

එබැවින් ඊට සමාන චෝදනාවලට මෙම විත්තිකරුවන්ට එරෙහිව යළි නිතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවත්, එබැවින් මෙම චෝදනාව නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත්, ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එකම චෝදනාවක් සම්බන්ධයෙන් දෙවතාවක් නඩු පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරු සඳහන් කර සිටියා.

තුන්වන විත්තිකාර නන්දසිරි මල්ලවාරච්චි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා මේ හා සමාන තවත් නඩුවක සාක්ෂිකකරුවකු වශයෙන් සාක්ෂි ලබාදී තිබෙන බව සඳහන් කළා.

එසේ තිබියදී ඔහු මෙම නඩුවේ විත්තිකරුවකු කිරීම නීතියට පටහැනි බවත්, ඒ අනුව මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම නඩුවට අදාළ සිද්ධමය කරුණු එකක් බව විත්තිය විසින් සඳහන් කළ ද මෙම නඩුව තුළින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා වෙනස් බව කියා සිටියා.

විත්ති විසින් ඉදිරිපත් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසුව තමන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

ඒ, අනුව මෙම මූලික විරෝධතා සැප්තැම්බර් මස 04 වනිදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට මෙම නඩුවට අදාළව ඇප නියම කළද ඔවුන් වෙනත් නඩුවකට සිර දඬුවම් ලබා සිටින බැවින් ඔවුන්ව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එනම් 2014 වසරේ ඔක්තෝබර් මස 02 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 14 වනදා අතර කාලසීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාල අතර බෙදාදීම සඳහා කැරම්බෝඩ් 14,000 සහ දාම්බෝඩ් 14,000 ක් මිලදී ගැනීම හරහා සතොස ආයතනයට අයත් රුපියල් 39,061,290.71 ක් මුදල් සාවද්‍ය පරිහරණය, ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස ලේඛන 11ක්නම් කර තිබෙනවා.

සාක්ෂිකරුවන් සංඛ්‍යාව 42ක් බව එකී අධිචෝදනා පත්‍රයේ දැක්වෙනවා.

1 1
2 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01