මහින්දානන්දගේ බාල පොහොර නඩුව ජුනි 19 තෙක් කල් තැබෙයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ලබන මස 19 දින දක්වා කල් තැබීම සිදු කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, එදිනට එම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බැවින් එම ඉල්ලීම ලබන 19 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එම විමර්ශන කොමිසමට දැනුම් දුන් බවයි.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (14) අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය සලකා බැලීම මහේස්ත්‍රාත්වරිය ලබන 19 දින දක්වා දක්වා කල් තබා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51