spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දගේ රට ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිව්දෙනකු වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළා.

ගාලුමෝදර, ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළ විමර්ශන වල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ කාංචන ජයරත්න යන අයගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

අදාළ පැමිණිල්ල අද (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් අදාළ නඩුකරයේ සැකකරුවන් වශයෙන් නම් කර නොමැති හෙයින් ඔවුන්ට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ කාංචන ජයරත්න යන අය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?