මහින්දගේ පදවි සම්ප්‍රාප්තියක් නිසා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අධිචෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පදවි සම්ප්‍රාප්තියේ සිව්වැනි වසර සැමරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල මුදලින් රුපියල් දහහත් ලක්ෂ හතළිස් අටදහස් අටසිය හැත්තෑ හතක මුදලක් වැය කර දැන්වීම් පළ කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුකරය අද (30) දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ දී කැඳවනු ලැබුවා.

අදාළ නඩුකරයේ විත්තිකරුවන් දෙදෙනා වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට හා දෙවැනි විත්තිකාර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන යන අයට එරෙහිව අධිචෝදනා මෙහිදී අධිකරණය ඉදිරියේ දී ගොනු කළා.

එලෙස අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 20 වැනි දින පැවැත්වීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා ව රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින්, එකී නඩුව පැවරීම සම්බන්ධයෙන් හා එකී නඩුව විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඉදිරි නඩු වාරයේ දී මූලික විරෝධතා ගොනු කරන බව ප්‍රකාශ කර සිටියා.

එම විත්තිකරුවන් දෙදෙනාම අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48