මහින්දගේ නිවස ඉදිරිපිට කලහකාරී වූ හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 07 විජේරාම මාවත නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

සැකකරු සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් කලහකාරී ලෙස හැසිරීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හොරපාවිට, බමුණුගම, කිරිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු යම් රෝගී තත්ත්වයකට කිරුළපන ප්‍රදේශයේ සිය සහෝදරියගේ නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 35ක් වන සැකකරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

  1. ANE HEBETAMA MEHEMATH NATAKA…..
    PIRIHENAKOTA WEHERENAKOTA RANIL LOKKA 2024 CHANDA DEKAMA ANIWA THIYANAWA KIYALA EYE KIYANAKOTA THAMAYI AGAHAYI.DA MEHEMA EWA ADA WENNE. THAWA PANSAL, HAMUDURUWO, BUDU PILIMA WALATATH MONA MONAWA HARI ETA WEYI. SINHALA BAUDDHA YINTATH MOKAK HO ETAWAYI. HEMADAMA MEYA PAPUWATA GAHAGANIYI. PALAMUWATH RATA DEWANUWATH RATA THEWANUWATH RATA KIYALA BERIHAN DEYI, DENNEK DEPATHTHEN ALLAGENA HITAWALA INNA GAMAN. THAMATH ME RATEYI OLUWEN NOWA PAPUWEN HITHANA MODA GON WAHALLU RELAK INNA NISA OYA MONA MONAWA HARI ATAWAYI. EHE MEHE ARAWA MEWA THIYALA AHU WEYI. OWA MUNTA PURUDHUYI.



අපගේ නවතම වීඩියෝ පුවත්