මහා සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහා සිකුරාදා දිනය අද (29) ට යෙදී තිබෙනවා.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුණු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබනවා.

ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක දේව මෙහෙයක් ද පැවැත්වෙනවා.

මහා සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

උන්වහන්සේගේ උට්ඨානය හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරු දින කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

මෙවර පාස්කු ඉරිදා යෙදී ඇත්තේ ලබන 31 වැනිදායි.

මේ අතර, අදින් ආරම්භ වන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මීට පෙර සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11