මහා ශිව රාත්‍රී පූජාවකට ගිය මන්ත්‍රී ගජේන්ද්‍රන්ව පොලිසියෙන් උස්සන් ගිහින් (ඡායාරූප)

වවුනියාවේ වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ මහා ශිව රාත්‍රී පූජාවන් පැවැත්වීමට අධිකරණය අවසර ලබා දී තිබියදී ඊට සිදුකළ බාධාවන් පිළිබඳව ඊයේ (08) දිනයේ වාර්තා වුණා.

එහිදී වවුනියාවේ වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ මහා ශිව රාත්‍රී පූජාවන් සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් පොලිසිය විසින් උස්සාගෙන රැගෙන ගොස් තිබෙනවා.

රැගෙන යාමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සෙසු පිරිස නෙඩුන්කේනි පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බව පැවසෙනවා.

එහි දී පොලිසිය විසින් කාන්තාවන් කැලෑ ප්‍රදේශයට බලහත්කාරයෙන් තල්ලු කළ බව ද එහි සිටි පිරිස් චෝදනා කර තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඊයේ (08) දිනයේ සිදුකළ මෙම ක්‍රියාවෙන් මානව හිමිකම් උල්ලංගනය වී ඇති බව පැවසෙනවා.

වෙඩුක්කුනාරිමලෛ කෝවිලේ සවස හයෙන් පසුව රැඳිනොසිටින ලෙසට පොලිසිය අනතුරු අඟවා තිබුණා. ඒ අනුව සවස හයෙන් පසුව රැඳි සිටි පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.

මීට පෙර ලබාදී තිබූ අධිකරණ නියෝගයට පටහැනිව පොලිසිය ක්‍රියාකළ බවත්, බැතිමතුන්ට කෝවිල වෙත ජලය රැගෙන යාමට පවා අවසර ලබා නොදුන් බවත් එහි රැස්වී සිටි ජනතාව චෝදනා කරනවා.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල විවිධ බාධා කිරීම හමුවේ, එහි පුද පූජාවන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධාන කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

පූජාවන් පැවැත්වීමට සූදානම් කර තිබූ පහන් සහ පූජා තැටි ද පොලිසිය විසින් ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ ප්‍රධාන පූජකවරයා වන මදිමුගරාසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරිනු ලැබූ බව සඳහන් වෙනවා.

20240308 195302 1 scaled
20240308 195626 1 scaled
20240308 195626 scaled
20240308 1950300 scaled
20240308 195302 scaled
20240308 195314 scaled
20240308 195002 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
14
+1
2
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18