මහා පරිමාණ මත් ජාවාරමකට සැකපිට නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකළ දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයකින් පසු අද (30) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත සාමාජිකයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.