spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහා පරිමාණ කුඩු ජාවාරම්කරු ශිරාන් බාෂික්ගේ පුතා පලායද් දී ගෝලයා අත්අඩංගුවට (වීඩියෝ)

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ක්ලබි හවුස් ඒරියා කොටසේ රථගාලේ දෙවන මහලේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (16) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේ දී නිලධාරියාව අනතුරට ලක් කරමින් මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර, අනෙක් සැකකරු පලාගොස් තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක කුඩා බුද්ගමුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පලායන ලද සැකකරු ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් යන අයගේ පුතෙකු වන නදින් බාෂික් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී මෙම සැකකරු සන්තකයේ මෝටර් රථ 03ක යතුරු තිබී හමුව තිබෙනවා.

එම මෝටර් රථ 03 පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 290,000ක්, ඩිරාම් මුදල් 535ක්, ඩොලර් 161ක්, නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා මත්ද්‍රව්‍ය ඇතුළු දේපල වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 17 at 8.42.11 AM 1
WhatsApp Image 2024 02 17 at 8.42.11 AM
WhatsApp Image 2024 02 17 at 8.42.10 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?