මහා පරිමාණ කුඩු ජාවාරම්කරු ශිරාන් බාෂික්ගේ පුතා පලායද් දී ගෝලයා අත්අඩංගුවට (වීඩියෝ)

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ක්ලබි හවුස් ඒරියා කොටසේ රථගාලේ දෙවන මහලේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (16) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේ දී නිලධාරියාව අනතුරට ලක් කරමින් මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර, අනෙක් සැකකරු පලාගොස් තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක කුඩා බුද්ගමුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පලායන ලද සැකකරු ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් යන අයගේ පුතෙකු වන නදින් බාෂික් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී මෙම සැකකරු සන්තකයේ මෝටර් රථ 03ක යතුරු තිබී හමුව තිබෙනවා.

එම මෝටර් රථ 03 පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 290,000ක්, ඩිරාම් මුදල් 535ක්, ඩොලර් 161ක්, නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා මත්ද්‍රව්‍ය ඇතුළු දේපල වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 17 at 8.42.11 AM 1
WhatsApp Image 2024 02 17 at 8.42.11 AM
WhatsApp Image 2024 02 17 at 8.42.10 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50