මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි අත්අඩංගුවට

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) උදෑසන ගම්පහ මූලස්ථාන පොලිසියට උන්වහන්සේ භාරවීමෙන් අනතුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ගෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.