spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහාචාර්ය ඩම්බල්ඩෝර් ජීවන රඟමඬලින් බැසයයි

ලොවක් ආදරය කළ හැරී පෝටර් කතාමාලාවේ මහාචාර්ය ඩම්බල්ඩෝර් චරිතයට පණදුන් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියේ පසු වුණා.

නියුමෝනියාවෙන් පීඩා විඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ.

ඩබ්ලින් හි උපත ලද ශ්‍රීමත් මයිකල් ගැම්බන් ඔහුගේ දශක පහක වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනිය, චිත්‍රපටය, රංග ශාලාව සහ ගුවන්විදුලිය තුළ සිය දක්ෂතා විදහා දැක්වූවා.

ඔහු ලන්ඩනයේ රාජකීය ජාතික රඟහලේ මුල් සාමාජිකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, ෂේක්ස්පියර් නාට්‍ය ගණනාවකට රංගනයෙන් ද දායක වුණා.

ශ්‍රීමත් මයිකල් ගැම්බන්1998 වසරේ දී විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.

හැරී පෝටර් කතාමාලාවේ අමතක නොවන චරිතයකට පණපොවමින් වර්තමාන තරුණයින්ගේ ළමා කාලයත්, වර්තමාන වැඩිහිටියන්ගේ තරුණ කාලයත් එක සේ රසවත් කළ ‘ශ්‍රීමත් මයිකල් ගැම්බන්’ රසික හදවත් තුළ සදා අමතක නොවන චරිතයක් බවට මේ වනවිටත් පත්ව අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
23
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?