මහාචාර්ය ඩම්බල්ඩෝර් ජීවන රඟමඬලින් බැසයයි

ලොවක් ආදරය කළ හැරී පෝටර් කතාමාලාවේ මහාචාර්ය ඩම්බල්ඩෝර් චරිතයට පණදුන් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියේ පසු වුණා.

නියුමෝනියාවෙන් පීඩා විඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ.

ඩබ්ලින් හි උපත ලද ශ්‍රීමත් මයිකල් ගැම්බන් ඔහුගේ දශක පහක වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනිය, චිත්‍රපටය, රංග ශාලාව සහ ගුවන්විදුලිය තුළ සිය දක්ෂතා විදහා දැක්වූවා.

ඔහු ලන්ඩනයේ රාජකීය ජාතික රඟහලේ මුල් සාමාජිකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, ෂේක්ස්පියර් නාට්‍ය ගණනාවකට රංගනයෙන් ද දායක වුණා.

ශ්‍රීමත් මයිකල් ගැම්බන්1998 වසරේ දී විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.

හැරී පෝටර් කතාමාලාවේ අමතක නොවන චරිතයකට පණපොවමින් වර්තමාන තරුණයින්ගේ ළමා කාලයත්, වර්තමාන වැඩිහිටියන්ගේ තරුණ කාලයත් එක සේ රසවත් කළ ‘ශ්‍රීමත් මයිකල් ගැම්බන්’ රසික හදවත් තුළ සදා අමතක නොවන චරිතයක් බවට මේ වනවිටත් පත්ව අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12