මහව දී දුම්රියක් පීලි පනී

මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී අද පස්වරුවේ දුම්රියේ එක් මැදිරියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එය පීලිගත කිරීමේ කටයුතු මේවන විට සිදු වෙමින් පවතිනවා.