මහරගම අපේක්ෂා රෝහලේදී සිය පුතාව අහිමිකරගත් පියෙකු සිදු කළ සංවේදී ඉල්ලීම

දරුවන් කියලා කියන්නේ, දෙමාපියන්ට සිටින වටිනාම සම්පතයි. ඔවුන් සිය දරුවන් වෙනුවෙන් අසීමිත කැප කිරීම් සිදු කරන්නෙත් ඒ් නිසා. ඒ් වගේ තම දරුවා වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ පියෙකු සිය මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා..

එම සටහන පහතින්..

මගෙ රත්තරං පුතාට නිවන්සුව අත්වේවා…..

පුතා රෝගාතුර වී කෙටි කලක් තුල ජීවන ගමනින් සමු ගත්ත. පුතා අසනීප වූ අවස්ථාවේ සිට මගේ ලඟ සිට මට හයියක් වූ සියලුම ඥාතීන් , සහෝදර සහෝදරියන් ,පාසල් යාළුවන්,රෝහල් කාර්‍යමන්ඩලය ,අසල්වාසීන් ඇතුළු සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කරමි.

පිළිකා රෝගියෙක් බලාගන්නව කියන්නෙ ඉතාම අමාරු කාර්‍යක් .මගේ දරුව අසනීප වූ දවසේ සිට රැකියාවෙන් ඉවත්වී දරු පැටියා වෙනුවෙන්ම කැපවී ඔහුගේ ජීවිතය රැකගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්න දෙවරක් නොසිතුවෙමි.තාත්තෙක් විදියට මම ආඩම්බර වෙමි. ඒ සඳහා මට හයියක් උන හැමදෙනාටම ගොඩක් පිං .නම් වශයෙන් කියන්න බැරි කවුරු හරි  මග හැරුනොත් ඒ අයට කරන අගෞරවයක් නිසා.මිල අධික බෙහෙත් ,පරීක්ෂණ හැමදේම පුතා වෙනුවෙන් කලේ ඒ අයගෙ උදව්වෙන්.මේ ලෝකෙ කිසිම දරුවෙක් මෙවැනි අකල් මරණයට ලක් නොවේවා…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ සෞඛ්‍ය තවමත් දියුණු වෙමින් පවතිනවා යන්නයි.borne marrow transplant කරන්න අපේ රටේ පහසුකම් නැති නිසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඒ සඳහා වැය වෙනව.

අකාලයේ මිය යන දරුවන්ගේ අහිංසකය ජීවිත 50% කින් හෝ බේරගැනීමට පුලුවන් .ඒත් අවාසනාව අපේ දරුවන්ගේ ජීවිතය තීරණය කරන්නේ අපේ සාක්කුවේ බර අනුව වීමයි.මූල්‍ය හැකියාවන් නොමැති ඔබ අප වැනි දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො අදත් හෙටත් මේ බිමේ අකලට පරවෙයි……

ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකම පිණක් කරනවනම් යන්න මහරගම අපේක්ෂා රෝහලට. මල් ,පලතුරු ,මුදල් වලින් පිළිම  වන්දනා කරන මිත්‍යාවෙන් මිදී පූජ කරන්න ඒ අසරණ ජීවිත වලට.

මගේ රත්තරං පුතාට උපදින කිසිම ආත්ම භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා .අමා මහ නිවණින් සැනසේවා රත්තරං පුතේ…..

index 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09