මහබාගේ වෙඩි තැබීමට අවශ්‍යව සිටි සෙබළා STF වෙඩි හුවමාරුවකදී මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවිසැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සූරියවැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සංකල්පය මත අද (28) දින සැකකරු සූරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි හුවමාරුවක් සිදු ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නැමැත්තාගේ මෙහෙයවීමෙන් පසුගිය 21 වනදා මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලෙවිසැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා සූරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද විශ්වාසදායි බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම් කාලයේ එම ස්ථානය ක්ෂණිකව වටලා තිබුණා.

එහි දී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිලධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කළ අවස්ථාවේ වෙඩි වැදුණු තුවාලකරු සූරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

වෙඩි හුවමාරුවේදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර නිලධාරියා සූරියවැව රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

මෙම සැකකරු 2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම, 2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී යන සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් මරණකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම සහ ආසන්නම සිදුවීම වන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලෙවිසැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවිම්වලදී වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් රෙජිමේන්තුවේ සේවය කර 2024/01/15 වන දින විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය විය.

මෙම පුද්ගලයා දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයෙකු බවත් මොහු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සූරියවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21