spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහපොළ ප්‍රදර්ශනයේ පුවරුවක බස් රථයක් ගැටී පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

ජා ඇල මහපොළ ප්‍රදර්ශණ භූමියට ඇතුලුවන ස්ථානයේ ඉදිකර තිබූ පුවරුවක බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6.10ට පමණ ආයතනයක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් අධිවේගී මාර්ගයට ගමන් කිරීමට යාමේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය ප්‍රදර්ශන පුවරුවේ ගැටී කඳාන දෙස සිට පැමිණි මෝටර් රථයක සහ පා පැදියක ගැටී තිබෙනවා.

අනතුරුව බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ඒ අසල තිබූ වෙළඳසැලක් වෙත කඩා වැදී ඇතැයි සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ පාපැදියේ පැමිණි කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබූ ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්. බස් රථයේ රියදුරා පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?