මහපොළ ප්‍රදර්ශනයේ පුවරුවක බස් රථයක් ගැටී පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

ජා ඇල මහපොළ ප්‍රදර්ශණ භූමියට ඇතුලුවන ස්ථානයේ ඉදිකර තිබූ පුවරුවක බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6.10ට පමණ ආයතනයක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් අධිවේගී මාර්ගයට ගමන් කිරීමට යාමේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය ප්‍රදර්ශන පුවරුවේ ගැටී කඳාන දෙස සිට පැමිණි මෝටර් රථයක සහ පා පැදියක ගැටී තිබෙනවා.

අනතුරුව බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ඒ අසල තිබූ වෙළඳසැලක් වෙත කඩා වැදී ඇතැයි සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ පාපැදියේ පැමිණි කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබූ ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්. බස් රථයේ රියදුරා පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39