මහනුවර පාස්පෝට් කන්තෝරුව අසල තැරැව්කාර කාක්කෝ වැහි වැහැලා (ඡායාරූප)

මහනුවර ආගමන විගමන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා රුපියල් 35,000කට අධික මුදලක් තැරැව්කරුවන් හට ලබාදීමට සිදුව ඇති බව එහි සේවය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාව චෝදනා කරනවා.

මෙම කාර්යාලයෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 25ක් පමණක් නිකුත් කෙරෙන අතර, දිනපතා 500ක පමණ ජනතාව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා එම කාර්යාලය වෙත විවිධ පළාත්වලින් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

දෛනිකව එසේ පැමිණෙන ජනතාව කාර්යය ඉටුකර ගැනීමට නොහැකිව දින කීපයක් අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් නිදි වර්ජිතව එම ස්ථානයේ දැඩි අපහසුතාවයට පත්ව තැ‍රැව්කාර මාෆියාවේ ගොදුරක් බවට පත්වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා.

මෙම ජනතාව සඳහන් කරන්නේ මහනුවර ආගමන විගමන කාර්යාලය අසල ගැවසෙන තැ‍රැව්කරුවන් විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍රය ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 30,000 ක මුදලක් අය කරන බවයි.

ජනතාවගේ විරෝධය නොතකා බලහත්කාරයෙන් පෝලිමේ මුලට දමා ඔවුනට බලපත්‍රය ලබාගැනීමට කාර්යාලය තුළට යෑමට සහයෝගය ලබා දී කටයුතු කරන බවත් මීට එරෙහිවන ජනතාවට තර්ජනය කරන බවත් මෙම ඇතැම් තැරැව්කරුවන් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් හා වෙනත් නිලධාරීන් සමඟ සමීප ඇසුරක් පවත්වන බවත් ජනතාව පවසනවා.

ඇතැම් තැ‍රැව්කරුවන් කිසිඳු අපහසුතාවයකින් තොරව පෝලිමේ නොසිට කාර්යාලය තුළට යන බවත් ඔවුහු සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ ජනතාව කියා සිටියේ තමන් දින 05, 06ක් මෙම පෝලිමේ සිටිය ද විදේශ ගමන් පත්‍රය ලබාගැනීමට මේ දක්වා නොහැකි වූ බවයි.

පෝලිමේ සිටිය දී කෑම බීම පිටින් ලබාගැනීමට විශාල මුදලක් වැයවන අතර වැසිකිළි යාමට සහ ඇඳුම් මාරුකර ගැනීම සඳහා රුපියල් 500ක් ගෙවා ඒ අසල ඇති ආයතනයකට යන බවද මේ හේතුවෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද ඔවුහු පවසනවා.

මෙම තැ‍රැව්කරුවන් පෝලිමේ සිටින අය වෙත හිඳගැනීමට දිවා රාත්‍රි පුටු සපයා ඒ සඳහා දිනකට රුපියල් දහසේ සිට විවිධ ගණන් අය කරන බව ද පෝලිමේ සිටගෙන සිටීම සඳහා හෝ පෝලිමේ ඉදිරියට රැගෙන විත් දැමීම සඳහා රුපියල් 50,000 ක් අය කරන බවද සඳහන් කළ ජනතාව පවසා සිටින්නේ මේ හේතුවෙන් මෙම ස්ථානයේ නිතරම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන බවයි.

ඇතැම් විට පොලිස් නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කළ ද පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගිය සැණින් නැවතත් තැ‍රැව්කරුවන් 10-20 ක් පමණ තම රාජකාරී අරඹන බවද පීඩාවට පත් ජනතාව පවසනවා.

කාර්යාලය අසළ ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරිකයින් පවසන්නේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාව රාත්‍රී කාලයට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඔවුනගේ සනීපාරක්ෂක ශාරීරික අවශ්‍යතා සිදුකර ගන්නා බැවින් දැඩි දුර්ගන්ධයක් පවතින බවයි.

ඊට අමතරව එම ස්ථානයේ සිට ආහාර ලබාගන්නා ජනතාව අමතර ආහාර,පොලිතින්, ප්ලාස්ටික් බෝතල් වැනි දේ ප්‍රදේශයේ බැහැර කිරීමෙන් විශාල පරිසර හානියක් ද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

අපහසුතාවයට ලක්ව ඇති ජනතාව සඳහන් කරන්නේ මෙම ස්ථානයට ස්ථිර පොලිස් ආරක්ෂාවක් යොදාව මුලින් පැමිණෙන පුද්ගලයින්ට පමණක් විධිමත් ටෝකන් පත්‍රයක් ලබාදීමෙන් තැ‍රැව්කරුවන්ගේ මාෆියා ගැටලුව යම් ප්‍රමාණයකට හෝ විසඳා ගත හැකි බවයි.

vlcsnap 2024 09 02 13h01m49s975 1 2
vlcsnap 2024 09 02 13h00m18s580 1 1
vlcsnap 2024 09 02 13h03m07s557
vlcsnap 2024 09 02 13h02m36s809 2
vlcsnap 2024 09 02 13h02m50s084
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23