මහනුවර නගරාශ්‍රිත පාසල්වලට දින තුනක් නිවාඩු

මහනුවර නගරාශ්‍රිතව පිහිටි සියලුම පාසල්වලට හෙට (28) සහ අනිද්දා (29) සහ ලබන 31 වනදා යන දින තුනේ නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ තීරණය කර තිබෙනවා.

ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් එම පාසල්වලට මෙලෙස නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පෙරහැර නැරඹීම සඳහා මේ වන විට මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දෛනිකව පැමිණීම හේතුවෙන් නගරයේ පාසැල් වෙත පැමිණෙන සිසුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.

මේ අතර පෙරහැර සඳහා පැමිණෙන කලා ශිල්පීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා ද පාසල් කිහිපයට නිවාඩු ලබාදී ඇති අතර, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ද මේ වන විට මහනුවර නගරයේ පාසල් කීපයකටම නිවාඩු ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12