මහනුවර – කොළඹ මාර්ගය යක්කලින් වසා දැමේ (වීඩියෝ)

මහනුවර – කොළඹ මාර්ගය යක්කල සහ තිහාරිය අතර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.

යක්කල සහ තිහාරිය අතර ප්‍රදේශයේ ආයුර්වේද රෝහල අසල පාලම ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් මෙලෙස එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.