මහනුවර ඇසළ පෙරහරේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට කැබිනට් තීරණයක්

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (World Intellectual Property Organization WIPO) සංවර්ධන හා බුද්ධිමය දේපළ පිළිබඳ කමිටුව විසින් ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

දේශීය සම්ප්‍රදායයන් සහ සංස්කෘතික උරුමයන්ට ගරු කරමින්, උත්සව සංචාරක සංවර්ධනය කිරීම සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් භාවිත කිරීම පිණිස ප්‍රතිලාභී රටවල සංස්කෘතික උත්සව සංවිධායකයින්ගේ ධාරිතාව වර්ධනය කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වනවා.

සියවස් ගණනාවක් පුරා පාරම්පරිකව සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික කලා ආකෘතීන්ගෙන් හා දැනුමෙන් සමන්විත මහනුවර ඇසළ පෙරහැර හා සම්බන්ධ ඓතිහාසික, සංස්කෘතික සහ සම්ප්‍රදායික දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති යෝජනාවක්, ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ වෙත ඉදිරිපත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, ‘ප්‍රකාශන හිමිකම ආරක්ෂාව’ සහ ‘ වෙළෙඳ ලකුණු සහ සන්නාම කරණය’ යන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මහනුවර ඇසළ පෙරහැරේ ඓතිහාසික, සංස්කෘතික හා සාම්ප්‍රදායික අනන්‍යතාව හා වටිනාකම්වල බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට හැකි වන පරිදි අදාළ ව්‍යාපෘති යෝජනාව සකස් කර ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමාගේ සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම – සභාපතිත්වය යටතේ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04