මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට පහරදීමක්

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ බව විටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලන රාජකාරියේ නිරතව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, පහරදිම වැනි සිද්ධින්වලට එරෙහිව දැඩිම නීතිය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24