spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දවස් දෙකක් වැඩ වර්ජනයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (30) සහ අනිද්දා (31) දෙදින තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ වෘත්තීය ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මේ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අද (29) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තමන් ද උද්ඝෝෂණවලට සහාය පළ කරන බවයි.

මේ අතර, හෙට දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වීමට තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ, අනුව ලබන නොවැම්බර් පළමු වනදා සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව උදෑසන 6.30 සිට පස්වරු 12.00 දක්වා සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (28) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?