මහජන මුදල් මංකොල්ල කාලා නම් අපේ ආණ්ඩුවකදී මේ ජනාධිපතිවරයාට දඬුවම් දෙනවා – තිස්සකුට්ටි

විදෙස් රටක ණය ගෙවීමකට අදාළව මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල සොරකම්කර ඇති බවත්, එම සොරකම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි පවසනවා.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කිරීම ඇතුළු අදාළ පත්වීම් සියල්ල සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා වන නිසාවෙන් එම පත්වීම් සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට බවයි තිස්සකුට්ටි ආරච්චි කියා සිටියේ.

පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ මෙම සිද්ධියට ජනාධිපතිවරයා සම්බන්ධ වීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව, මහජන මුදල් මංකොල්ල කෑමට ජනාධිපතිවරයා සම්බන්ධ නම් ඔහුට එරෙහිව දඬුවම් ලබාදෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

”මෙම සිද්ධියට සම්බන්ධ වීම ගැන පරීක්ෂණ කරලා, ජනතාවගේ මුදල් මහ දවල් මංකොල්ල කෑමට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ ආණ්ඩුවක් තුළ මේ ජනාධිපතිවරයාට දඬුවම් දීමේ වැඩපිළිවෙලේ අපි ඉන්නවා” යැයි ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18