මහජන බැංකුවේ කාඩ්පත්වලින් ගෙවීම් සීමා කෙරේ

මහජන බැංකුව විසින් සිය ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් විදේශගත ගෙවීම් සඳහා සීමාවන් පනවා තිබෙනවා.

ඒ අනුව ඩෙබිට් කාඩ්පත් සඳහා දෛනික සීමාව ඩොලර් 100 ක්, ක්‍රෙඩිට් කාඩ්පත් ඩොලර් 150 ක් ලෙස උපරිමයකට යටත්ව මෙම ගෙවීම් සිදුකල හැකිවේ.

ඊට අමතරව සෑම ගනුදෙනුවක් සඳහාම 10%ක අධිභාරයක් පනවනු ලබන බවයි මහජන බැංකුව සඳහන් කර සිටින්නේ.