spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු එම ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ද අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා මංජුල ප්‍රනාන්දු මහතා අද නිල වශයෙන් වැඩ භාර ගනු ලැබුවා.

මැයි මාසයේ පාර්ලිමේන්තුවේදී යෝජනාවක් විවාදයට ගෙන සම්මත වීමෙන් පසු ධූරයෙන් ඉවත් කරන ලද හිටපු සභාපති ජනක රතනායක වෙනුවෙනුයි නව සභාපතිවරයා පත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහිව එම පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධනය, විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුවයි ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?