spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගීතා කොමිසමේ තීරණය දවසෙන් රිවස්වෙයි

හෙට (25) සහ අනිද්දා (26) යන දින දෙක තුළ පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මෙලෙස අවසර ලබා දී ඇති බව සඳහන්.

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (23) දැනුම් දුන්නේ දෛයිනිකව සිදු කෙරෙන විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට තීරණය කළ බවයි.

එහිදී එම කොමිසම ඊයේ (23) නිවේදනය කළේ මෙතෙක් පැවති පැය 02යි විනාඩි 20ක දෛයිනික විදුලි කප්පාදුව පැය 02ක් දක්වා අඩුකරන බවයි.

කොමිසම ඊයේ (23) දිනයේ දී එලෙස නිවේදනය කළ ද, අද (24) දිනය වනවිට යළිත් වරක් දෛයිනික විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක් දක්වා කාලයකට අවසර ලබාදීම පුදුමයට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?