spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ චෝදනාවන්ට ඇමතිගෙන් පිළිතුරු

බොරතෙල්වල ප්‍රමිතිය බාල බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් පසුගිය දා චෝදනා කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සඳහා ලංවිමේ මුදල් ප්‍රමාණවත් නොවීම සහ හයිඩ්‍රෝ කළමනාකාරිත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බව ද ඔහු එහි දක්වා තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා ප්‍රකශ කළේ මෙරටට ආනයනය කර ඇති බොරතෙල්වල ප්‍රමිතිය බාල බවත් ඒවායේ සල්ෆර් අගය ඉහළ අනුපාතයක් ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?